එපා සඳේ ඔබේ සිනා මේ රැයේ..

epa sande obe sina me raye

Edward Jayakody
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ.. Lyrics

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ..
පිපී දිලේ හිතේ යොවුන්‌ ආදරේ..
මල්‌ මාවතේ.. තරු සාදයේ..
පාවේ කැලුම්‌ ආදරේ..

අඹ මල්‌ යායේ.. බිඟු දැල්‌ හීයේ
මිහිලොල්‌ සරා හැඟුම්‌ පීදුණා..
ළතැවුල්‌ සේදී.. හසරැල්‌ පාවී
ඇගෙ වත පාවි සිනා..

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ..
පිපී දිලේ හිතේ යොවුන්‌ ආදරේ..
මල්‌ මාවතේ.. තරු සාදයේ..
පාවේ කැලුම්‌ ආදරේ..

හිත බැඳි සිහිනේ.. නෙත රැඳි යාමේ
මුවරොන්‌ සැලී ලවන්‌ සේදුනා..
මධු සඳපානේ.. මල්සර යහනේ
මල්වර වී ආදරේ..

එපා සඳේ ඔබේ සිනා මේ රැයේ..
පිපී දිලේ හිතේ යොවුන්‌ ආදරේ..
මල්‌ මාවතේ.. තරු සාදයේ..
පාවේ කැලුම්‌ ආදරේ...

Video thumbnail