Gahaka mal pipila pipenne aida nodannemi

Gahaka mal pipila pipenne aida nodannemi

karunarathna divulgane
Gahaka mal pipila pipenne aida nodannemi Lyrics

ගහක මල්‌ පිපිලා.. පිපෙන්නේ..ඇයිද නොදන්නෙමී..
හිතක මල්‌ පිපිලා.. පිපෙන්නේ.. ඇයිද නොදන්නෙමී..
නුඹට සිත බැඳුණේ කිමැයි මා.. තවම නොදන්නෙමී..
නුඹට හිත බැඳි කාරණේ මම.. තවම සොයන්නෙමී...

කතර වැලිකැට
හිරුට පෙම්‌ බැඳ
ඇතත්‌ ලෝ දහමෙන්‌..

සොඳුරු වැස්සට
දැවෙන කතරක්‌
ආදරෙයි පණ මෙන්‌..

ලොවට නොපෙනෙන
අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්‌..
කරනු බැරි තහනම්..

ගහක මල්‌ පිපිලා.. පිපෙන්නේ.. ඇයිද නොදන්නෙමී
හිතක මල්‌ පිපිලා.. පිපෙන්නේ.. ඇයිද නොදන්නෙමී

සඳට සදහට
සෙනේ පෑ මුත්‌
උදුල තරු කැටයම්..

හිරුට පෙම් බැඳි
එකද තරුවක්‌
සිටිය නොහැකිද යම් ..

නුඹට නොහැඟෙන
මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්‌..
පුදුම වෙයි නුඹ නම්‌..

ගහක මල්‌ පිපිලා.. පිපෙන්නේ..ඇයිද නොදන්නෙමී..
හිතක මල්‌ පිපිලා.. පිපෙන්නේ.. ඇයිද නොදන්නෙමී..
නුඹට සිත බැඳුණේ කිමැයි මා.. තවම නොදන්නෙමී..
නුඹට හිත බැඳි කාරණේ මම.. තවම සොයන්නෙමී...

Video thumbnail