Gamata kalin hiru muluthan geta wadina

Gamata kalin hiru muluthan geta wadina

karunarathna divulgane
Gamata kalin hiru muluthan geta wadina Lyrics

ගමට කලින්‌ හිරු මුළුතැන්ගෙට වඩනා..
ඒ හිරු එළියේ නැණ මල්‌ පොඩි පිපුණා..
ඒ මල්‌ සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
කලා වැවේ නිල්‌ දියවර අපේ අම්මා..

රෑ කළුවර අරගෙන
දරුවන්‌ එනතුරු...
සිත නෑ නිවන්‌ දකින්නේ..
රෑ කළුවර ඇවිදින්‌
ඉකිබිඳ හැඬුවන්‌
නෙත නෑ නිදි විඳගන්නේ..

හෙට අරුණට සැරසෙන
තව දවසක්‌ ගැන
නින්දේ සිහින දකින්නේ..
මහමායාවෙනි
කවදාදෝ ඔය නෙත්‌
දරු සෙනෙහසින්‌ මිදෙන්නේ..

වෙල්‌ දෙනිවල ඇවිදින
දෙපා ටදෙන විට
විහඟ ගීත බණ පද වේවා..
බෝ මළුවක ඇවිලෙන
පහන්‌ වැටක්‌ සේ
තුන්සිත නිවී සැදේවා..

මතු උපදින සසරේ
විසාකාව වී
මෙත්‌ මග නෙත්‌ හමුවේවා..
ඇත්‌ රැපිනියනේ
ඔබේ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක්‌ වේවා....

ගමට කලින්‌ හිරු මුළුතැන්ගෙට වඩනා..
ඒ හිරු එළියේ නැණ මල්‌ පොඩි පිපුණා..
ඒ මල්‌ සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
කලා වැවේ නිල්‌ දියවර අපේ අම්මා....

Video thumbnail