ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ...
ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ..
රටා පැදුර විකුණගන්න
බුලත් පුවක් අරන් යන්..න
සරමක් බැනියමක් ගන්න
ගොවි මහතුන් එකතු වන්..න
ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ..
ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ..
පොඩි පුනාට සීනි බෝල
පුංචි දුවට වළලූ.. මාල
ලොකු දෝනිට සිලිඳු සේ..ල
අරගෙන යයි ගමේ.. රාළ
ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ..
ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ..
ගුරු මහතයි ගොවිරාළයි
කට්ටඩියයි වෙද රා..ළයි
ගම මහගෙයි පොඩි මැණිකෙයි
එක්වන කඩපොළ මේ..කයි
ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ...
ගමේ ගොඩ සිදාදියේ කවුරුත් පාහේ
විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ
මම පොළටයි ආවේ...