ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ.. දාං අදින්නේ
ගැටවු කතාබහට කඩ එළිපත්නතේ.. රංචු ගැහෙන්නේ
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ

අපේ කාලේ අස්වැද්දු කුඹුරු ලියැදි පාඑ වෙලා
තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා
අම්මා අප්පා මොක මොකවත් කන්න බොන්න දුන් පලියට
ලැජ්ජා නැද්ද කාලේ කන්න ගැටවරයිනි කඩපිල් යට
ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ.. දාං අදින්නේ
ගැටවු කතාබහට කඩ එළිපත්නතේ.. රංචු ගැහෙන්නේ
අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද බොලව්
මගෙ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලවු
වයස ගියත් මගෙ අතපය බලාපල්ලා යකඩ වගේ
අපි වවලයි අපි කෑවේ උත්තම රජ ගොල්ලො වගේ

අපේ කාලේ අස්වැද්දු කුඹුරු ලියැදි පාළු වෙලා
තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා
අම්මා අප්පා මොක මොකවත් කන්න බැන්න දුන් පලියට