ගෑස්‌ ලිපේ යකඩ නැටිය රත්වුණා

Gas Lipe Yakada Thatiya Koththu Rotiya

nihal nelson
ගෑස්‌ ලිපේ යකඩ නැටිය රත්වුණා Lyrics

ගෑස්‌ ලිපේ යකඩ තැටිය රත්වුණා
බාස්‌ ඇවිත්  වැඩේ දෙන්න සෙට්‌ වුණා
ලූනු මිරිස්‌ බිත්තර මස්‌ කපාපු රොටි කෑලි
ටකට ටකට රිදම්‌ එකට ගානට ඇදුණා

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය

අත්ත මුත්තා කාලේ ඉඳලා තිබුනේ පොල්‌ රොටියයි යාලු
අපි පුංචි කාලේ රස කරකර කෑවේ පැණි රොට්යයි යාලු
ඔය හැඩේට මේ අලුත්‌ වෙලා ආවේ ගෝතම්බ රොටියලු
එත්‌ ඔක්කොම රොටි හබක්‌ වෙලා.. රජ කරන්නේ කොත්තු රොටියලු

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය

සද්දේ දාලා ගොඩක්‌ දෙනවා ඒ හින්දම කන්නෝ වැඩිලු
කාපු ගමන්‌ බඩ පිරුණත්‌ දිරව ගන්න ලේසිත්‌ නෑලු
මල්ලි අනං මනං දාලා ගහන කොයි කාගෙත්‌ තැටි වල යාලු
අද හඬ විතරයි හරයක්‌ නෑ.. අනේ කොත්තූ රොටිය වගෙයිලු

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය...

ගෑස්‌ ලිපේ යකඩ තැටිය රත්වුණා
බාස්‌ ඇ විත් වැඩේ දෙන්න සෙට්‌ වුණා
ලූනු මිරිස්‌ බිත්තර මස්‌ කපාපු රොටි කෑලි
ටකට ටකට රිදම්‌ එකට ගානට ඇදුණා

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය
සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය...

Video thumbnail