Giman Harina Diyamba Dige

Giman Harina Diyamba Dige

w d amaradeva
Giman Harina Diyamba Dige Lyrics

ගිමන්‌ හරින දියඹ දිගේ
සුසුම්‌ හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස්‌ කියනවා..
සඳ ආදරයෙන්‌.. අහස පුරා.. රටා මවනවා..

හිත්‌ දැහැනේ වෙළී තිබුණු
නෙත්‌ දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු.. ආදරයද මේ..
හිරු රහසේ කියා දුන්න.. ආදරයද මේ..

නිල්‌ කටරොළු නිල නැහැවුණ
මල්‌ බර මුදු සුව රැඳවුණ
තොල්පෙති කල්‌ හඬගාලන.. ආදරයද මේ..
නුඹ රහසේ කියා දුන්න.. ආදරයද මේ..

ගිමන්‌ හරින දියඹ දිගේ
සුසුම්‌ හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස්‌ කියනවා..
සඳ ආදරයෙන්‌.. අහස පුරා.. රටා මවනවා..

Video thumbnail