Gimhane hada niwuna

Gimhane hada niwuna

Angeline Gunathilake
Gimhane hada niwuna Lyrics

ලලල්‌ ලලල්‌ ලලල්‌ ලලල්‌ ලල..
ලලල්‌ ලලල්‌ ලලල්‌ ලලල්‌ ලල..
ආ අ.. ආ අ.. අ අ ආ..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..
ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..

පාවෙන නිල්‌ කඳු රැල්ලේ..
මීදුම්‌ සළු ඇතිරිල්ලේ..
දෑතින්‌ දෑතම එතුනා..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..

සුදු සඳ වියනේ.. චන්දන අරණේ
තාරකා මල්‌ තුරුලේ..
ළා හිරු කිරණේ.. දේදුනු සෙවණේ
සිත්‌ යාවෙන මංගල්ලේ..

ජීවන තොටුපල..සොයා ඇදෙන තුරු..
ආදරයේ රන්‌ නෞකා..

ඈතට ඉගිලෙන.. සුදු පරෙවියනේ
ආසිරි ගීතය ගයනා..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..

පෙර අත් භවයක... බලාපොරොත්තුව...
මේ භවයේ හමුවුවා..
නෙතු සර අංජන.. තොල්‌ පෙති රංගන
හෙට දවසක්‌ ගැන සිතුණා..

පුබුදු හිනාවට.. කැකුළු කතාවට
ආශාවේ මල පිපුණා...

ගඟුලේ දිය රැලි.. පවනේ සැණකෙළි
ආදරයට සුබ පැතුවා..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..

පාවෙන නිල්‌ කඳු රැල්ලේ..
මීදුම්‌ සළු ඇතිරිල්ලේ..
දෑතින්‌ දෑතම එතුනා..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා..

ගිම්හානේ හද නිවුණා..
මධුර වසන්තය මැවුණා...

Video thumbnail