ගින්දර පිටවෙන්නට තාර පාර රත් වෙලානේ
යටි පලු දෙකම දැවෙනවා..
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනේ
දහඩිය මුගුරු ගලනවා..
කොළඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනේ
මොරදී උගුර රිදෙනවා..
බර අඩු නොවුන නිසා කද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා...
පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි
හවසට දෙන්නම ඕනේ ..
අනුකම්පාවක් නැති සිල්ලර කඩේ මුදලාලිත්
බැනගෙන ගෙදරට එන්නේ..
ඉස්පිරිතාලේ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු
බෙහෙතක් කොහොමද ගන්නේ...
අල්ලපු වත්තේ තියෙන බණ ගෙදරට නොගිහින් බැහැ
කොහොමද නිකම්ම යන්නේ. .
ගින්දර පිටවෙන්නට තාර පාර රත් වෙලානේ
යටි පලු දෙකම දැවෙනවා..
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනේ
දහඩිය මුගුරු ගලනවා.
වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො
මොකදැයි මාළු නොගන්නේ. .
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු
අයගෙන් මාළු අරන්නේ..
ඉඳහිට කතා කරලා ගන්න හදන කෙනෙක් වුනත්
ණයටනේ අද ඉලන්නේ..
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නේ
විසඳුම් දෙන්නට ඉන්නේ...
ගින්දර පිටවෙන්නට තාර පාර රත් වෙලානේ
යටි පලු දෙකම දැවෙනවා..
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනේ
දහඩිය මුගුරු ගලනවා..
කොළඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනේ
මොරදී උගුර රිදෙනවා..
බර අඩු නොවුන නිසා කද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා...