Gini anguru gode kaluwa modara

Gini anguru gode kaluwa modara

gypsies
Gini anguru gode kaluwa modara Lyrics

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස්‌ සුවඳට
සැර බෝතල්‌ වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..

ලැන්තෑරුම්‌ පත්තු කරන්‌ වෙරළ අද්දර
විඳ ගනිමින්‌ රළු සීතල රැයක සුන්දර
ලැබ ගන්නට සැනසුම මුළු ලොවක්‌ නිදි කර
ලොව පරසිඳු වැල්ල මේක කළුවා මෝදර

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස්‌ සුවඳට
සැර බෝතල්‌ වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..
අපි ඒළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට

ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන්‌ කෙල්ල
දොඩමලු වෙලා හොලවයි ඇගෙ බෙලි කටු මල්ල
අද නම්‌ නැහැ නවත්වන්නේ ඇගෙ දැඟලිල්ල
මිහිබට සුරපුරක්‌ කළුවා මෝදර වැල්ල

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස්‌ සුවඳට
සැර බෝතල්‌ වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට...

කතා කරන විටදි මගේ අතිනුත්‌ අල්ලයි
සමහර විට ඇඟට බරව හාදුම ඉලේලයි
මේ හුරතල්‌ කෙල්ල මගේ උණුහුම ඉල්ලයි
ඇගෙ සැනසුම සතුට කළුවා මෝදර වැල්ලයි

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස්‌ සුවඳට
සැර බෝතල්‌ වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට

අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..
අපි එළිවෙනකන්‌ බජව්‌ දැම්මා හිතේ ජොලියට..

Video thumbnail