ගුරු ගෙදරට හැමදා එන

guru gedarata hamada ena

Chamara Weerasinghe
ගුරු ගෙදරට හැමදා එන Lyrics

ගුරු ගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
කවදාවත්‌ මගේ පියා නෑ මම දුටුවේ..
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

උදේ හවස මගේ හිතින්‌ අපේ බිත්තියේ
හැමදාකම තනියෙන්‌ මම සිතුවම්‌ ඇන්දේ..
පියෙකුගේ රූපයක්‌ නැතත්‌ දැකපු ජීවිතේ
හැඩරුවවත්‌ කියාදෙන්න මගේ පියාගේ

ගුරු ගෙදරට හැමදා එන මවුපියෝ අතරදී
කවදාවත්‌ මගේ පියා නෑ මම දුටුවේ..
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

මගේ වයසෙ අපේ එවුන්‌ මගේ පන්තියේ
අවජාතක නමකින්‌ මට නම්‌ පටබැන්දේ..
හරියට තේරුමක්‌ නැතත්‌ කියපු කාරණේ
හැඩරුවවත්‌ කියාදෙන්න මගේ පියාගේ

ගුරු ගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
කවදාවත්‌ මගේ පියා නෑ මම දුටුවේ..
උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ
පියාගෙ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ

Video thumbnail