හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දැසෙහි තවරා.. ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
වරලස අක් බඹරුන් බැඳි රේඛා
දෙනෙතෙහි නිලුපුල් මල් පෙති රේඛා
වරලස අක් බඹරුන් බැඳි රේඛා
දෙනෙතෙහි නිලුපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දැසෙහි තවරා.. ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නලලත රේඛා
නීල පළිඟු කැට නෙත් මිණි රේඛා
බාල චන්දනී නලලත රේඛා
ආල නුරාවෙන් බැඳි රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දැසෙහි තවරා.. ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා
දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලු විට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දැසෙහි තවරා.. ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා...