Hada wiman dorin

Hada wiman dorin

h r jothipala
Hada wiman dorin Lyrics

හද විමන්‌ දොරෙන්‌
එන පැතුම්‌ පවන්
විහිද යයි හමා..
පියඹනා.. කල්පනා.. රසේ දේ අමා..

මල්‌ උයන්‌ තුළින්‌
විල්‌ ගඟුල්‌ මැදින්‌
සුගන්දය ගලා..
එකතු වී.. කිති කැවී.. රැඳේ එක්වෙලා..

සාගරයේ.. සිසිල්‌ වැල්‌
නැගි නැගී බිඳේ..
ආදරයේ.. සුපෙම්‌ කැන්‌
දිලි දිලී සැලේ..

ආකාසේ.. සඳේ ලප
නැත මැකී ගියේ..
ආදරයේ.. පුරාණේ
හිත ඇඳී තියේ..

උදාවු වසන්තේ
සදාකල්‌ රැඳේවා..

හද විමන්‌ දොරෙන්‌
එන පැතුම්‌ පවන්
විහිද යයි හමා..
පියඹනා.. කල්පනා.. රසේ දේ අමා..

මී වදයේ.. ගුම්‌ නදින්‌
මත්‌ වෙලා ඉමි...
ගී තනුවේ.. වදන්‌ වැල්‌
ලෙස එතී එමී..

ලෝ තලයේ... අලුත් පෙම්..
කතාවක්‌ ලියා..
පා කරමු.. සුනිල්වන්..
වලාවක්‌ සොයා..

උදාවු වසන්තේ
සදාකල්‌ රැඳේවා..

හද විමන්‌ දොරෙන්‌
එන පැතුම්‌ පවන්...
විහිද යයි හමා..
පියඹනා.. කල්පනා.. රසේ දේ අමා..

මල්‌ උයන්‌ තුළින්‌
විල්‌ ගඟුල්‌ මැදින්‌
සුගන්දය ගලා..
එකතු වී.. කිති කැවී.. රැඳේ එක්වෙලා...

Video thumbnail