හදවත පාරන සොඳුරු හැඟුම්.. Lyrics
හදවත පාරන සොඳුරු හැඟුම්..
හිර කරගෙන හිටියා ඇති දැන්
සවනට ළංවී ආදරයෙන්..
කියන්න කාලය දැන් ඇවිදින්
හදවත පාරන සොඳුරු හැඟුම්..
හිර කරගෙන හිටියා ඇති දැන්
සවනට ළංවී ආදරයෙන්..
කියන්න කාලය දැන් ඇවිදින්
ඇසට ඇස තියා බලාන ඉන්න
ළැමෙහි හොවා හිස සුවෙන් නිදන්න
ඉමක් නැතිව මල් හාදු පුදන්න
හිනාවෙලා මගෙ පෙම පිළිගන්න
කඳුළු පිසදමා සිනහා නගන්න
අඳුරු ලොවට මිණි පහණක් වෙන්න
සංසාරෙම එක්වෙලා හිඳින්න
මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න..
හදවත පාරන සොඳුරු හැඟුම්..
හිර කරගෙන හිටියා ඇති දැන්
සවනට ළංවී ආදරයෙන්..
කියන්න කාලය දැන් ඇවිදින්