Hadawathe Numba Thaba Lyrics
හිතේ අහුමුළු පුරා...තනියට
නුඹේ... සෙනෙහස... නොවෙද ඇත්තේ.....
බැඳෙන විසිරෙන බිඳෙන බැමි ලඟ....
මතකයේ නෑගම්... තනන්නේ....
ඕ... තනන්නේ....
සසර ගමනක අහඹු හමුවක
දෑවටිලා ඇහි පිල්ලමේ...
රිදෙන රිදවන හැඟුම් පොදි බැඳ
දුන්නූ නූඹෙ ඒ ආදරේ....
නුරා හැඟුමින් හිරි වැටෙන ගත
හීන කැන්දන ඉසඹුවේ...
සිතක සිතුවිලි කෙලෙස නවතනු
සෙනෙහෙ ගං දියවර දිගේ....
පැතුම් අහුරක බැඳුණු සෙනෙහස
සුසුම් සිරකළ සිහිනයේ
මතක මං පෙත ඇවිදගෙන යමි
හදවතේ නුඹ තබා රහසේ...
ඒ.....රහසේ...
හිතේ අහුමුළු පුරා...තනියට
නුඹේ... සෙනෙහස... නොවෙද ඇත්තේ.....
බැඳෙන විසිරෙන බිඳෙන බැමි ලඟ....
මතකයේ නෑගම්... තනන්නේ....
ඕ... තනන්නේ....
හදවතේ නුඹ තබා රහසේ...
ඒ.....රහසේ...
හදවතේ...නුඹ තබා ඕ... රහසේ...