හමුවී වෙන්වී Lyrics
හමුවී වෙන්වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි වෙනවා
ඔබ හින්දා//
පුරාණයේ නිරන්තරේ
ඔබට හිරිහැර දිදී
මම ඔබේ ඇස් වලින් දුක
දොවන්නට ඇති
පලිසන් දී කරපු පව්
අපි වෙන්වී ගිය දුරක්
අදහන්නටත් බැරි තරම්
සත්තයි මගේ රත්තරන්
හමුවී වෙන්වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි වෙනවා
ඔබ හින්දා//
තුලා සදේ රිදී ඇදී
රැගෙන රශ්මිය මැකී
ලොව හා දුර ඇගෙන්
යාවී අවසානෙදි
හැම හමුවිමක් යටින්
මහ නොලැබීමක් අරන්
කාලය ඉන්නවා බලන්
සත්තයි මගේ රත්තරන්
හමුවී වෙන්වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි වෙනවා
ඔබ හින්දා//
රන් හුයෙන් නුපුරුදූ
එක් නොවෙයිනම් අපි මතූ
ලොවට සමුදී එරෙහි වූ
එකම මොහොතේ පිටවෙමූ
හමුවී වෙන්වී ගෙවෙනා
අපෙ ඇසුරේ කෙලවර සොයලා
සැනසුම උකසට හරවා
මගෙ හදවත මහන්සි වෙනවා
ඔබ හින්දා//