හමුවීම වෙන්වීම ලෝකේ හැටි..

Hamuweema Wenweema Loke Hati

manjula pushpakumara
හමුවීම වෙන්වීම ලෝකේ හැටි.. Lyrics

ම්...
ම්.......

හමුවීම වෙන්වීම ලෝකේ හැටි..
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී..
අපෙ වැරදි නොම ඒ මේ සසරේ  හැටි..
හැම සතුට කෙළවරම දුකකුත්‌ ඇනි
හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා.. දුකින්‌ ඉන්‌ එපා..
සිතින්‌ සෑමදා මා ඔබේ..

ඔබෙ සතුට පතලා.. ඈත්වීලා යනවා
මුණ නොගැහෙනා සේ යළී..
අවසාන මොහොතේ.. ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුණොත්‌ ඇතී..
ඔබෙ නාමෙන්‌ මැරලා.. නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයෙදී.. පෙරුමන්‌ පුරා මා ඉමි...

අතගන්න මතුදා.. ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින්‌ මදි ඇතී..
ඔබ කඳුළු පිසදා.. හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇතී..
ඔබෙ නාමෙන්‌ මැරිලා.. නිගා දෙන්නෑ කිසිදා
එක්වෙන්න මතු යුගයෙදී.. පෙරුමන්‌ පුරා මා ඉමි...

හමුවීම වෙන්වීම ලෝකේ හැටි..
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැතී..
අපෙ වැරදි නොම ඒ මේ සසරේ  හැටි..
හැම සතුට කෙළවරම දුකකුත්‌ ඇනි
හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා.. දුකින්‌ ඉන්‌ එපා..
සිතින්‌ සෑමදා මා ඔබේ..

ම්ම්...

Video thumbnail