හැඬුවේ නෑ.. ළයේ පතුල රිදුණත් පෑරිලා..
බියවී නෑ.. කොහේ කොතැන ඇහුණත්.. චෝදනා..
මගෙ වාරුවෙන්.. හරි සීරුවෙන්.. ආ මාවතේ..
රතු රෝස මල්.. පාවඩ නැතේ මට පෑගුනේ.. මිතුරේ..
රැපිනියේ ඔබ නැත තනිවී..
නිදහසේ.. ඉගිලියන් බිය නොවී..
හිංසාවෙන් නෑ මල් පෙති පරවී..
සුවඳ දේ.. පිපිලා සැරසී..
දහසක් බාධා.. කල අය බෝ ඇතේ ජිීවිතේ..
නෑ මා සැලිලා.. ඒ කිසිවක් නිසා තුන්යමේ..
අසමාන වේ.. ඔබ රූපයෙන්.. හැඩකාරියේ..
සුන්දර හිතින්.. සැරසුණු ළඳුන්.. බැබළෙයි ලොවේ.. මිතුරේ..
රැපිනියේ ඔබ නැත තනිවී..
නිදහසේ.. ඉගිලියන් බිය නොවී..
හිංසාවෙන් නෑ මල් පෙති පරවී..
සුවඳ දේ.. පිපිලා සැරසී..
කඳුළක් වැටී.. අත්ලේ ගැටී.. හිත් පෑරුවේ..
හිංසා කළෝ.. පීඩා කළෝ.. කොහෙ හැංගුනේ..
නැගිටින්න දැන්.. වීරය අරන් ජය මාවතේ..
මුදු පා තියන්.. නුවණින් ගියෝ.. නෑ පැරදුනේ..
රැපිනියේ ඔබ නැත තනිවී..
නිදහසේ.. ඉගිලියන් බිය නොවී..
හිංසාවෙන් නෑ මල් පෙති පරවී..
සුවඳ දේ.. පිපිලා සැරසී..