හංසලතාවෙ

Hansa Lathawe


හංසලතාවෙ Lyrics

පැටලේ ඉගසුඟෙ තාලේ නෙත් යුග දෑලේ
ඇවිලේ මගෙ හදේ පතුලෙ නුඹ ගැන ආලේ
ආ ආලේ හා කියලා මට දෙනවද කෙල්ලේ
තැල්ලේ හැඩ පලදවාලා බලමුද නලලේ

මගෙ සුකිරි බටිල්ලී හෙට අපි යමුද ඉගිල්ලී
සකුරා කුමරි වගේ මුකුලු කරන්නී

සුළගේ හාදු තියන්න දෙතොලෙ සුවය විඳින්න
සාවී සදෙන් බහින්න සාමෙන් හදෙන් බැඳෙන්න..//

සඳක් පෙනේ මූනේ
ඈ දැක්කම නිවී මගේ රාගේ
උඹ කව්ද කියන් සුදු නෝනේ
දෙව් ලෝකෙන් නෙවෙයි නේද ආවේ

පෙන්නා මගෙ ප්‍රාතිහාර ගන්නම් මම උඹ වසඟෙට
සීතල සඳපානක පන ගෙනයන්නම් මා කැන්ද
හුරතලී ලඟ ඉන්නම් කිති කැවී
මා නුඹේ වෙන්න ආසයි ඔන්න
එක්කරගෙන යන්නම්කො මා

ඈ අද දෙවැනි මලාලී හිත ගත් සුකුමාලී
හෙට මාගෙ මනාලී වෙනවද සඳමාලී

චුට්ටක් වැඩියි වගෙ දාංගලේ
නලවන විට තිසරු ලැමේ
හදවත නතර වෙලා
හංස ලතාවේ...//

මගෙ සුකිරි බටිල්ලී හෙට අපි යමුද ඉගිල්ලී
සකුරා කුමරි වගේ මුකුලු කරන්නී

සුළගේ හාදු තියන්න දෙතොලෙ සුවය විඳින්න
සාවී සදෙන් බහින්න සාමෙන් හදෙන් බැඳෙන්න..//

පැටලේ ඉගසුඟෙ තාලේ නෙත් යුග දෑලේ
ඇවිලේ මගෙ හදේ පතුලෙ නුඹ ගැන ආලේ
ආ ආලේ හා කියලා මට දෙනවද කෙල්ලේ
තැල්ලේ හැඩ පලදවාලා බලමුද නලලේ

මගෙ සුකිරි බටිල්ලී හෙට අපි යමුද ඉගිල්ලී
සකුරා කුමරි වගේ මුකුලු කරන්නී

සුළගේ හාදු තියන්න දෙතොලෙ සුවය විඳින්න
සාවී සදෙන් බහින්න සාමෙන් හදෙන් බැඳෙන්න..//

Video thumbnail