හන්තාන අඩවියේ මැදුරු කුලුනු සුදු සඳලු තලා පිස

Hanthana Adaviye Maduru Kulunu Sudu

nanda malani
හන්තාන අඩවියේ මැදුරු කුලුනු සුදු සඳලු තලා පිස Lyrics

හන්තාන අඩවියේ
මැදුරු කුලුනු සුදු සඳලු තලා පිස
මේ එන්නේ.. ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ.. ප්‍රේමයේ සුවඳ නොවේ

කුසින්‌ අඩක්‌.. දළ අහරින්‌ සකසා..
කෙසඟ සිරුරු.. රළු යහනේ සතපා..
අනියත හෙට ගැන සිතමින්‌
විද්‍යා ශිල්ප කලා වනපොත්‌ කරනා..
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම්‌ සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ
මැදුරු කුලුනු සුදු සඳලු තලා පිස
මේ එන්නේ.. ප්‍රේමයේ සුවඳ නොවේ

පීඩනයෙන්‌.. තැනසර හිස ඔසවා..
පෙරමුණ ගත්‌.. වරදට වෙඩිසැර කා..
මළ සොයුරන්‌ සිහි කරමින්‌
විද්‍යා ශිල්ප කලා වනපොත්‌ කරනා..
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ
මැදුරු කුලුනු සුදු සඳලු තලා පිස
මේ එන්නේ.. ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ.. ප්‍රේමයේ සුවඳ නොවේ

Video thumbnail