හන්තානේ

Hanthane


හන්තානේ Lyrics

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ...

තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට ඈ ආයේ
කල්යල් බැලුවාට නෑ ආවේ...

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ...

Video thumbnail