හරස්‌ වීදි ගිනි අව්වට(නාට්ටාමි)

Haras Weedi Gini Awwata Nattami

sadara bandara
හරස්‌ වීදි ගිනි අව්වට(නාට්ටාමි) Lyrics

(ෆු ෆූ.. ෆූ.. ෆූ..
ෆු ෆූ.. ෆූ..)

හරස්‌ වීදි ගිනි අව්වට බුබුළු දමන්නේ..
ලංසි කොටුව මුදලාලිගේ මූණ වගෙයිනේ..
යකඩ සපත්තුව තවමත්‌.. පිටේ මැවෙන්නේ..
රෝද දෙකෙන්‌.. ලෑලි මතින්‌.. සිහින අදින්නේ..

නාට්ටාමි ඉල්ලේ නාට්ටාමේ..
නාට්ටාමි ඉල්ලේ නාට්ටාමේ..
නාට්ටාමි ඉල්ලේ.. නාට්ටාමේ..
නාට්ටාමි ඉල්ලේ.. නාට්ටාමේ..

(ෆු ෆුෆු ෆු.. ෆු ෆුෆු ෆු..

ෆු ෆුෆු ෆු..ෆුෆු ෆු ෆු..)

අහස්‌ වියන යට සැතපි සිහින දකින්නේ..
ගොරොද්දේ සුව විඳින අපිව පිනි ඇහැරන්නේ..
රෑට රෑට වීණා වයන.. මදුරු බුරුත්‌තේ..
සිරි යහනක.. සුවය ගෙනේ.. සිහින කරත්තේ..

(අඩේ.. තම්බි.. ඉංගලක් කාවෙන්ඩි පාඩිඩා ..)

ඉර හංගලා බජාර් එකම හෙවණැලි වෙන්නේ...
කයිමන්‌ දොරකඩ ඉඳගෙන සුරුට්ටු බොන්නේ...
හෙම්බත්‌ වුණු කරත්ත ටික.. ගිමන්‌ හරින්නේ...
මුඩුක්කුවේ.. දෙව්ලොව සැප.. වවුලන්‌ වන්නේ..

(ෆු ෆුෆු ෆූ..)

කවදා දෝ හරි හරියට වේල්‌ අදින්නේ..
රතු පල්ලිය පාමුල විත්‌ සකත්‌ බෙදන්නේ. .
ලෝබ නැතිව බෝ ගහ ළඟ.. තොරන්‌ බඳින්නේ..
වෙඩි පුපුරලා.. අපටත්‌ මල්‌.. මාල වැටෙන්නේ...

නාට්ටාමි ඉල්ලේ නාට්ටාමේ..
නාට්ටාමි ඉල්ලේ නාට්ටාමේ..
නාට්ටාමි ඉල්ලේ .. නාට්ටාමේ..
නාට්ටාමි ඉල්ලේ .. නාට්ටාමේ..

(ආ.. සයිඩ්‌ සයිඩේ...)

Video thumbnail