හසරක් නොපෙනෙන (නඩගම්කරයෝ ටෙලිග්‍රාමා) Lyrics
හසරක් නොපෙනෙන මග දිග සපැමිණ
අයාලයේ ආ ගමනක්
බහුරූ කෝලම් විසූක දස්සන..
අතුරක් නොමැතිව ඇස කන රවටන..
මේක නාඩගම් මඩුවක්
දනි පනි ගාගෙන.. වැටුණු වලෙන්
ගොඩ එන්නට දඟලන අතරේ..
දනි පනි ගාගෙන.. වැටුණු වලෙන්
ගොඩ එන්නට දඟලන අතරේ..
කකුලෙන් ඇද යළි.. වල මත රඳවන
(කකුලෙන් ඇද යළි වල මත රඳවන)
වග වලසුන් ඇත නුදුරේ..
මිනිසත්කම මිස.. රුව ගුණ නොතකන
උත්තම ගුණ ඇති බෝසත්වරුනේ..
මිනිසත්කම මිස.. රුව ගුණ නොතකන
උත්තම ගුණ ඇති බෝසත්වරුනේ..
ඔබ පෙන්වන මග.. දිගටම යනු හැර
(ඔබ පෙන්වන මග දිගටම යනු හැර)
අන් කිසි පිහිටක් නොපෙනේ. .
හසරක් නොපෙනෙන මග දිග සපැමිණ
අයාලයේ ආ ගමනක්
බහුරූ කෝලම් විසූක දස්සන..
අතුරක් නොමැතිව ඇස කන රවටන..
මේක නාඩගම් මඩුවක්...