නොනිම තලයෙන් ලැබෙයි ගැරහුම්
ප්රශ්න මැද්දෙන් සොයමි විසඳුම්
විඩාබර නෙත් ලැබුනේ රැවටුම්
ලැබුනෙ මවගෙන් පමනි සැනසුම්
හීන ගොඩාක් දුර වුනත් තනි වෙන්නෙ
මං ආවෙ හිස් අතින් තනියමයි යන්නෙ
මගෙ හීන අනාගතේ එක්ක යා වෙන්නෙ
දුප්පත්කම නිසාදො සමාජේ ගරහන්නෙ
මනින්නෙ සමාජේ සල්ලි වලින් මගෙ මට්ටම
හොයන්නෙ ඇඳුමෙන් පැලඳුමෙන් කාගෙත් තත්වය
තියෙන උන්ට තියෙයි හැමදාම වත්කම
සල්ලි වලින්දො මනින්නෙ උතුම් (මනුසත්කම)
කලා සමාජේ හැමදා තනි මට නින්දා
අනාගතේ මගේ ලස්සන වෙන්න ඕන හින්දා
දුකයි තනිකමයි මම හදවතේ රන්දා
හුරු නිසා හැමදෙයක් ජීවිතේ මම වින්දා
පුංචි කාලේ මම සතුටින් හිටියත් නොතේරුනා
හිතන්නත් කලින් බාල කාලෙ මගෙ ගෙවි ගියා
සමාජේ කුහකයි ලොකු වෙද්දි මට වැටහුනා
වෙනසක් නොකරම සමාජේට සැලකුවා
මගේ ම හැඟුමන් හීන අතරේ
බෝදව ගිහින් දැන් මගේ ම මතකේ
දහස් පැතුමන් තනිව පැතුවේ
සිනහවෙන් පා සිතමි තනියේ
ඉන්නෙ මම තනිවෙලා දුක් සාගරේ
දුප්පත් වෙලා අද ඇයිදෝ මම ඉපදුනේ
නැතිබැරිකම ලග වේදනාවන් දැඩි වුනේ
හිත බොලද වුන හින්දාදො මං තිනිවුනෙ
අකාලයේ මියැදුනු මලක් මගෙ හදවත
වෙන්න හේතු පවසමි පුංචි කවියක
හැඩ නිලඹර පෙන්නා ගස්සා ගිය කතකට
හිතගිය හේතුව නොදනිමි මම තව
හිතුවත් ඇය කරයි මගේ ලෝකේ ලස්සන
හීන මැව්වා ඇයත් එක්ක දාන්න කොලේ අත්සන
රැවටුනත් මම තුරුලුකුලට ගස්සන
මම රැවටුවත් වෙලා ඇගේ ලොකේ ලස්සන
අම්මා කිව්ව වචනය අදටත් හිතේ කොනකින්
නරක මිතුරු ඇසුර ගැන තාමත් පසුතැවෙමින්
තාත්තා දුන්නු ඔවදන් අදටත් සිහි කරමින්
නැගිටින්න ඕන හති වැටුනත් වෙර දරමින් 🤘