හීන පෙන්නූ ආලේ දුන්නූ Lyrics
මේ සීත යාමේ
සඳ හැංගී වළා
ඈ පෑ සිනාවන්
හද ආරාධනා
රෑ හීන ගානේ
මා පෙම් ප්‍රාර්ථනා
මා සිත් සොරාගත්
ඈ දිව්‍යාංගනා
දුටු දා පටන් ඔයා
සිතුනා මගේ කියා
නුබ මගේ නේද කවිකාරියේ
හීන පෙන්නූ
ආලේ දුන්නූ
දෑතේ එල්ලී
මාගේ ලන්දූ
දෑස මානේ ඉන්න
හදේ දැවටී මා
ආදරේ කියන්න
හෙමින් කොඳුරලා
කීව ඒ කතා
මාව ගොළුකළා
නෑ යන්නේ මා නුබ දමා
හීන පෙන්නූ
ආලේ දුන්නූ
දෑතේ එල්ලී
මාගේ ලන්දූ
පාලු මාගේ අහසේ
එලිය දෝ ඔයා
ආයේ නෑ දැනෙන්නේ
තනිකමක් කියා
නුබේ ඔය සිනා
හදේ බැමි ලිහා
හිතගාව ඔච්චම් කළා