හීනයක් ප්‍රේමයක්

Heenayak Premayak


හීනයක් ප්‍රේමයක් Lyrics

හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා
ලන් වුනා ජීවිතේ ආදරේ තියලා
ලඟ නැති හින්දා
තනි කම වින්දා
රැවටුන තරමක් ආයෙත්
ඔය නෙතු හින්දා

නුබ හිත නැති හින්දා ලඟ
කඳුලක් වැටුනා
මේ නෙතු පිය රිදවා
මතකෙන් මිදිලා
රිදෙන බව නොකියා හැබැහින්
කඳුළු හිර කරලා
තවම මගේ හිතේ ඉන්නේ
නුබව රැදිලා

ඉස්සර හිත මකලා
අලුතින් ලියලා
තහනම් බව කියලා
ඈතට ඇදිලා
හැගෙන දුක නොකියා හොරහසින්
තනිය දුර තියලා
එදා ඔබ දුන්න හීනේ
තවම රැදිලා

හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා
ලන් වුනා ජීවිතේ ආදරේ තියලා
ලඟ නැති හින්දා
තනි කම වින්දා
රැවටුන තරමක් ආයෙත්
රැවටුන තරමක් ආයෙත්
ඔය නෙතු හින්දා

Video thumbnail