Heeneka thanikarala dagakara dekopul

Heeneka thanikarala dagakara dekopul

iraj weeraratne
Heeneka thanikarala dagakara dekopul Lyrics

දඟකාර දෙකොපුල්‌ අතරේ
තනිවෙන්න හිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුණේ
මැවෙනවා මගෙ හිත අයිනේ..

මාව හීනෙක තනිකරලා..
ඈත යන්නට ඔබ ගියදා..

තුරුලේම උන්නු කාලේ
මතකයත්‌ කවියක්‌ වාගේ
ලස්සනයි නේද රත්තරන්‌ මගේ..

ඔබ ගිහින්‌ දුරු කතරක විළි දුක ගැන හිතා
මගේ හිතේ.. ගිනි කඳුළ වෙලා..

දඟකාර දෙකොපුල්‌ අතරේ
තනිවෙන්න හිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුණේ
මැවෙනවා මගෙ හිත අයිනේ..

මාව හීනෙක තනිකරලා..
ඈත යන්නට මං ගියදා..

අන්ධකාරයේ ඔය දෙනෙතම මං හොයලා..
ආදරේ පදවැල්‌ කඳුළක අමුණලා
පුංචි ඔය ඇස්‌ වලින්‌.. මට නොකියු කතා..
අහන්‌ ඉන්න ආසයි.. තව ළංවෙලා..

දඟකාර දෙකොපුල්‌ අතරේ
තනිවෙන්න හිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුණේ
මැවෙනවා මගෙ හිත අයිනේ..

මාව හීනෙක තනිකරලා..
ඈත යන්නට මං ගියදා...

Video thumbnail