හෙළ ජාතික අභිමානේ..
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
හෙළ ජාතික අභිමානේ..
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
වීර විකුම් පෑ පෙර දරුවෝ..
දෙස රැස මුර කෙරුවෝ..
ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ..
නොමවවු ණයකරුවෝ..
දැය දියුණට පැද යන නැවියා..
ගොවියා බිම දෙවියා..
විපතෙහි සැපතෙහි
නොතැලෙයි නොතැවෙයි
අටලෝදම හුරු හෙළයා..
විපතෙහි සැපතෙහි
නොතැලෙයි නොතැවෙයි
අටලෝදම හුරු හෙළයා..
හෙළ ජාතික අභිමානේ..
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්
මුහුදුට ඈදෙන මහ ගංගා..
කුඹුරට යළි හරවා..
ධාන්‍ය වගා කොට සිරිලක මේ ..
පෙරදිග කෙත කරවා..
අරපිරිමැස්මට පුරුදු වෙලා..
බිඳලවු දුක සංකා..
පැරකුම් යුගයක් නැවතත් අරඹව්
නිජභූමි තලේ ලංකා..
පැරකුම් යුගයක් නැවතත් අරඹව්
නිජභූමි තලේ ලංකා..
හෙළ ජාතික අභිමානේ..
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්