හෙමින් සැරෙ පියා විදා Lyrics
හෙමින් සැරෙ පියා විදා..
හෙමින් සැරෙ පියා විදා..
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම්.. සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
මලක් නම් චය මලක් උව මැන
සිනිඳු සුකොමල.. රුවෙන් සරසන
විලක් නම් එය විලක් උව මැන
නීල ඉඳුවර.. දියෙන් උපදින
හෙමින් සැරෙ පියා විදා..
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම්.. සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය.. සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා.. පවුරු සිරි යහනේ
හෙමින් සැරෙ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම්.. සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්