හෙට නාඩගමේ මං රාජාට අඳිනවා
අජාසත්ත නාමෙන්..
මුළු ගමේම අඟනුන් මට වහා වැටෙනවා
බලාපල්ලා බොරු නම්..
හෙට නාඩගමේ මං රාජාට අඳිනවා
අජාසත්ත නාමෙන්..
මුළු ගමේම අඟනුන් මට වහා වැටෙනවා
බලාපල්ලා බොරු නම්..
දමා කඩුක්කන්.. ඔටුනු නළල් පටී
කඩුව කරකවා.. සබයට එන හැටි
දමා කඩුක්කන්.. ඔටුනු නළල් පටී
කඩුව කරකවා.. සබයට එන හැටි
බලා හිඳින අඟනුන් සත්තයි.. ආලේ බඳි රහසින්
ආ.. බලා හිඳින අඟනුන්.. ආලේ බඳී රහසින්..
පවර අජාසත්.. නිරිඳුන් මම වෙමී
පියා නසා රජ..කම අරගන්නෙම්
පවර අජාසත්... නිරිඳුන් මම වෙමී
පියා නසා රජ..කම අරගන්නෙම්
කියා එද්දි අද මං සත්තයි.. ආලේ බඳී අඟනුන්
ආ.. කියා එද්දි අද මං.. ආලේ බඳී අඟනුන්
හෙට නාඩගමේ මං රාජාට අඳිනවා
අජාසත්ත නාමෙන්..
මුළු ගමේම අඟනුන් මට වහා වැටෙනවා
බලාපල්ලා බොරු නම්..
හෙට නාඩගමේ මං රාජාට අඳිනවා
අජාසත්ත නාමෙන්..
මුළු ගමේම අඟනුන් මට වහා වැටෙනවා
බලාපල්ලා බොරු නම්..