Hima renu watena seethale netha gawa

Hima renu watena seethale netha gawa

greshan ananda
Hima renu watena seethale netha gawa Lyrics

හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ

රන්‌ තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දු මාළිගේ
රතු රෝස යහනා සෑදුවේ...
මට නේද මගෙ මල්‌ සරෝ...

මධු පානයක්‌ සේ වෑහිලා...
යනවාද දෙතොලේ ගෑවිලා...

මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා...

හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ

රන්‌ තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දු මාළිගේ...
රතු රෝස යහනා සෑදුවේ...
මට නේද මගෙ මල්‌ සරෝ...

මුතු මාලයක්‌ සේ යා වුණේ....
අපි ආත්ම ගණනේ පෑ සෙනේ...

මනමාලියන්ගේ චේතනා...
පවසාවි දෑසේ ලතා...

රන්‌ තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්දු මාළිගේ...
රතු රෝස යහනා සෑදුවේ...
මට නේද මගෙ මල්‌ සරෝ...

හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදු සේල සුළඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ...

Video thumbnail