Himi nowuna nethu adunu sithuwam aran

Himi nowuna nethu adunu sithuwam aran

Bachi Susan
Himi nowuna nethu adunu sithuwam aran Lyrics

හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම්‌ අරන්‌
සුසුමක්‌ පුරා හෙව්වේ ඔය නිල්‌ නුවන්‌
කඳුළකට අත වනන හදවත කොනින්‌..
මොහොතක්‌ කියා දෙන්න හිනැහෙන වරම්...

බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌..
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌..

හුරතල්‌ වේවී කනට කෙඳිරු වදන්‌..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක්‌ වත්‌ කියන්නට තරම්..
හිත දෙන්නේ නැතිවද මෙදා...

ආදරෙන්‌.. දෑත අල්ලන්‌
අපි එදා උන්නු සෙනෙහේ නමින්‌..
සිනහා වී.. ඉන්න දැන්වන්‌
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන්‌ පියන්‌..

සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇඳලා
අද නම්‌ ඔයා ලස්සනයි..
ඇස්‌ දෙක පියන්‌ ඉන්නෙපා තරහ වීලා
මගෙ හිතට දැන්‌ හරි බයයි..

පාළුවේ.. මාව තියලා
දැන්‌ එපා යන්නෙපා යන්නෙපා..
මේ තරම්‌.. හීන අතරේ
වැළපිලා ඉන්න බෑ තනිවෙලා..

හිමි නොවුණ නෙතු ඇඳුණු සිතුවම්‌ අරන්‌
සුසුමක්‌ පුරා හෙව්වේ ඔය නිල්‌ නුවන්‌
කඳුළකට අත වනන හදවත කොනින්‌..
මොහොතක්‌ කියා දෙන්න හිනැහෙන වරම්...

බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌..
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්‌
මට හරිම පාළුයි මගේ රත්තරන්‌....

Video thumbnail