හිමි සනරාමර.. ලෝක සිවංකර

Himi Sanaramara Loka Siwankara

malani bulathsinhala
හිමි සනරාමර.. ලෝක සිවංකර Lyrics

හිමි සනරාමර.. ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ..
මා හද මැලවෙන.. මල්‌ දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ..
පාද වඳිමි නිබඳේ..

හිමි ගුණ ආකර.. ලෝක දිවාකර
ලොව්තුරු බුදු සමිඳේ..
හිත දුක වාවන.. බුදු බණ පදයක
මිහිර දකිමි නිබඳේ..
මිහිර දකිමි නිබඳේ..

හිමි දුමි ආකර.. ගුණ මිණි සාගර
ලොව්තුරු බුදු සමිඳේ..
හිත සුවදායක.. බුදු ගුණ ගීයක
රසය විඳිමි නිබඳේ..
රසය විඳිමි නිබඳේ..

හිමි සනරාමර.. ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ..
මා හද මැලවෙන.. මල්‌ දෝතට ගෙන
පාද වඳිමි නිබඳේ..
පාද වඳිමි නිබඳේ...

Video thumbnail