හිමිකම් Lyrics
මිහිරැති මොහොතක දැනුනී විරහා ගිනී
ඉහිරුනු සිතිව්ලි හදෙහි විලාපෙනි
නොදැනුනි නුඹ හට ගලන ඒ පෙම් නදී
දැනුනේ එය හඳ බිඳුණු නියාවෙනි
හිමිකම් තිබුණද හිතකින් නුඹ කෙලෙසද ආගන්තුකකම් මවා
හැගුමන් මා හිරකර ඉන්නේ අද කෙලෙසද හිතවත්කම් අපෙ හංගා
පැතුමන් මා අරගෙන නුබ හා ලං වෙන්නට සිතමින් කල් ගෙවා
සිහිනෙන් පෙර සැලසුම සිතියම් කර හදවත දුරකින් හිද මග බලා
සැනෙකින් බිද ඒ හැම දවමින් මා හද ගැබ ඔබගේ නුහුරු රටා
යාමේ ගෙවුනද ආවේ නෑ පුර සද මැකුවේ තනිකම් වේදනා
සිය ගනන් තරු අතරද තනි බව දැනුනා
මගේ කියූ ඒ නුඹ ඇයි මග හැරලා
හිමිකම් තිබුනද හිතකින් නුබ කෙලෙසද ආගන්තුකකම් මවා
හැගුමන් මා හිරකර ඉන්නෙ අද කෙසෙලද හිතවත් කම් අපෙ හංගා