හිනා වෙන්න බැරි තරමට Lyrics
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
නුඹේ නමින් මගෙ හිතේ..
තැනූ මාලිගා.. තැනූ මාලිගා..
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගෙ හදේ..
මැවෙන ගීතිකා.. මැවෙන ගීතිකා..
දෙතොල නම් ගොලුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට, සුවඳ ගෙන ගියා
නුඹ රහසින් ඇවිත්..
මගේ ලොවම හීනයක් කලා
අහසනම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්..
මගේ පාලු දෙනෙත බොඳ කලා..
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගෙ හිතේ..
තැනූ මාලිගා.. මැවෙන ගීතිකා..