සිතින් හිඳින්න මට ලං වෙලා (හිඳිමි මා මඟ බලා)

Hindimi Ma Maga Bala ( Sithin Hidinna Mata Lan Wela)


සිතින් හිඳින්න මට ලං වෙලා (හිඳිමි මා මඟ බලා) Lyrics

ඔබ පෙරදා සිත මාගෙ.. සිත්තම් කෙරුවා..
අද ඔබ නෑ ඝන අදුරේ.. මා තනිවෙලා..
ඔබ හා මා ගෙවුනු අතීතෙ රැගෙන එන්න රත්තරනෙ...
යලිත් එන්න රත්තරනේ.....

සිතින් හිදින්න මට ලංවෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා..
මුලු ජීවිතේ..... පැතු ආදරේ......
රැගෙන යලි එනතුරා...
හ්දිමි මා මගබලා.....

Breezy(Lamba)

මේ ආදර පොකුණේ අපි හංස යුවලක්
නොපෙන්නුවත් ඒ ආලෙට කරෙ නෑ මන් අඩුවක්
අසරුවත් මැරෙයි යුද්දෙකදි නැති කඩුවක්
පෙමක් හින්ද අදටත් වැලපෙයි කන්ද උතුරන්

සුමුදු මුවකින් වචන පිටවෙද්දි ප්‍රශ්න
තුරන් කරන්න හැකි ඔයා තමයි දෙවි ඉෂ්ට
මේ මුරුග ගති පදිරි කලා රුව දිස්න
මන් අදටත් හිස් ඉඩමක් ඔයා උන්නැත්තම් දුෂ්ට

ඒ පායපු හදේ අයිතිකරුව උනත් අහසේ
වින්දෙ පොළොවයි දුන්නු එලියෙන් සැප පහසෙන්
ආයාසෙන් ..ආස නෑ රහසෙන්..
මින්නේරි වැව ඔයානම් මම නිෂ්පාදිත මහසෙන්

දෛවය දුන්න උරුමෙ නිසා මම ගෙවයි කරුමෙ
ප්‍රේහේලිකාවක් විසදන්න හදින් නෙමෙ ඔලුවෙන්
පායපු ඉරත් විරුද්ධ දිශාවකින් මාරු වෙ
මේ කතාව අවසානයි කෙල්ලෙ ඔයාට ස්තූති වෙ

Chubby

හද හඩනා තුන් යාමෙ.. කදුලැල් මැකුනා..
හද තැවුනා උමතු සිනා.. සිහි වී ලදුනේ..
ඔබ හා මා ගෙවුනු අතීතෙ රැගෙන එන්න රත්තරනෙ...
යලිත් එන්න රත්තරනේ.....

සිතින් හිදින්න මට ලංවෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා.
මුලු ජීවිතේ.....පැතු ආදරේ......
රැගෙන යලි එනතුරා...
හ්දිමි මා මගබලා.....

සිතින් හිදින්න මට ලංවෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා.
මුලු ජීවිතේ.....පැතු ආදරේ......
රැගෙන යලි එනතුරා...
ඉදිමි මා මගබලා.....

Video thumbnail