හිඳීවි කොතැනක හෝ Lyrics
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්//
ගඟකට සයුරක් මුණගැසේවී
රළකට වෙරළක් මග හිදීවී
ගඟකට සයුරක් මුණගැසේවී
රළකට වෙරළක් මග හිදීවී
නියගට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවි - දවසක සොයාන ඒවි
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරන්ගයක් සේ//
නලලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී
හිදීවි කොතැනක හෝ
හිමිකාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන හිඳින්