හිරිපොද වැස්ස

Hiripoda Wessa 


හිරිපොද වැස්ස Lyrics

ඔය උකුළු මුකුළු වලට හසුව මාගේ
නෙතු සඟල කොමල නුඹට බැල්ම පෑවේ
රතු ලපයටි තොලේ ගෑවෙන්නම හැම තිස්සේ
අපි තෙමෙමු එකට මේ හිරිපොද වැස්සේ

සැරින් සැරේ පා සලඹ
ලඟින් සලා මා
ලඟට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මාගේ...//

හිරිකඩ මැද්දේ මගෙ ලඟට එන්න හිත ඇති
හිරිපොද වැස්සේ ගුලි වෙන්න එකට තුරුල්වී...//

සැරින් සැරේ පා සලඹ
ලඟින් සලා මා
ලඟට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මාගේ...//

හිරිපොද මැද රෝස කුමරිය මම එනකම් මග
ඇගෙ ලපටි තොල් පෙති මත තනිවෙන්නම්
මද්යම රාත්‍රියේ මැද

කොමල පාන සුරූපිය ඈ ලඟ නතර වෙලා
ඇගෙ ලස්සන දෑස කන්පිට මා ලඟට ලං වුනා
රූපය දැක්කත් ඇති ඇය මාර ගති ඉටි රූපෙකට වඩා
ලෝකේ කාටත් වඩා මම ආලේ කළා පොද වැස්සේ කොමලියා

රෝස කුමරියේ ප්‍රේමණීය මේ එන්න නුඹ මාගේ
මල් පාර දිගේ
යන්තමට වගේ නෑර මගෙ හදේ දෙන්න ආදරේ
නුඹට පන වගේ

සැරින් සැරේ පා සලඹ
ලඟින් සලා මා
ලඟට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මාගේ...//

හිරිකඩ මැද්දේ මගෙ ලඟට එන්න හිත ඇති
හිරිපොද වැස්සේ ගුලි වෙන්න එකට තුරුල්වී...//

සැරින් සැරේ පා සලඹ
ලඟින් සලා මා
ලඟට හිමින් සැරේ ආ
නුඹද හිරිපොද වැස්ස මාගේ...//

Video thumbnail