හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ
යළිත් නොම ඒ කිසි දිනේ
ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ...
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුණේ
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුණේ
එදා මතකය සිතේ අහුරා
එදා මතකය සිතේ අහුරා
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ...
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුණා
සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ
සිනහ කඳුළේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුණු අඳුරේ
ඈත මිහිදුම් අතර සඟවා
ඈත මිහිදුම් අතර සඟවා
යන්න පිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ