හිරු සඳු යට නම්.. මේ භවයේ Lyrics
හිරු සඳු යට නම්.. මේ භවයේ
අප එකතු නොවනු ඇත ආයේ
මෙය දෝ ළඳේ අවසානේ..
පෙරදා දුටු ඒ සුභ සිහිනේ
හිරු සඳු යට නම්.. මේ භවයේ
අප එකතු නොවනු ඇත ආයේ
මෙය දෝ ළඳේ අවසානේ..
පෙරදා දුටු ඒ සුභ සිහිනේ
ගත සිසිල ගෙනා තුරු සෙවණේ
සැනසී ඔබ මා හා රැඳු ණේ
අමරස පිරි මධු මී බඳුනේ
දිව ගෑ හැටි මතකයි ළඳුනේ
මා ඔබෙන් ලැබූ සුව සහනේ
ඇයි මෙසේ නොසිතු ලෙස දැවුණේ
මෙය දෝ ළඳේ අවසානේ. .
පෙරදා දුටු ඒ සුභ සිහිනේ
හිරු සඳු යට නම්.. මේ භවයේ
අප එකතු නොවනු ඇත ආයේ
මෙය දෝ ළඳේ අවසානේ..
පෙරදා දුටු ඒ සුභ සිහිනේ
හෙට දවස උදාවන අතරේ
ඔබ මංගල යහනක වැතිරේ
සෙනෙහසේ නාමයෙන් සොඳුරේ
තනිවනු ඇත මා දිවි කතරේ
ඔබ පැතූ සතුට හමුවේවා
මතුදා මා අමතක වේවා
මෙය දෝ ළඳේ අවසානේ. .
පෙරදා දුටු ඒ සුබ සිහිනේ
හිරු සඳු යට නම්.. මේ භවයේ
අප එකතු නොවනු ඇත ආයේ
මෙය දෝ ළඳේ අවසානේ..
පෙරදා දුටු ඒ සුභ සිහිනේ