හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්

විදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යම් කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කතා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්
අද නොපැමිණ අන් දිනයෙක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැණින්
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යනතුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වලා බඳේ කඩ ඉමෙන් මෙහා