හිත වාවන්නේම නෑ

hitha wawannema ne

Bathiya And Santhush(B & S)
හිත වාවන්නේම නෑ Lyrics

හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත්‌ එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා..

කිරි කෝඩු මැදියම්‌ රෑ
දුන්‌ හීන එළිවෙන්‌ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා..
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා..
මම තාම දන්නේ මා ඔබේ කියා..

සුසුමන්‌ කියා නොදුන්නු
ජීවිතේ සුපෙම්‌ කතාව
කියා දුන්නේ ඔබමයි ළඳේ..

සුසුමන්‌ කියා නොදුන්නු
ජීවිතේ සුපෙම්‌ කතාව
කියා දුන්නේ ඔබමයි ළඳේ..

දෑසත්‌ පියාන ඉන්නේ
බැරිද තාම අවදිවෙන්නේ
බලා ඉන්න බෑ.. මට තවන්‌
සීතලෙන්‌ මා වෙලී..
දෙනුවන්‌ පහන්‌ නිවී..
ඔබ යන්නේ ඇයි ආදරී..

ඔබ යන්නේ ඇයි ආදරී..

හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත්‌ එන්නෙ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා..
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා..
මම තාම දන්නේ මා ඔබේ කියා..

උකුලේ නිදාන උන්නු
කාලේ අයේ එන්නේ නෑනේ
තනි වෙන්න බෑ මට ඉතින්‌..

උකුලේ නිදාන උන්නු
කාලේ අයේ එන්නේ නෑනේ
තනි වෙන්න බෑ මට ඉතින්‌..

කෙහෙරැල්ලේ ගෑවි ගැවි
සුවඳ සෙව්වේ මා එදා..
ළංවෙලා ඉන්න බෑ ඉතින්‌
ආදරේ නෑ ඔයා..
පාඩුවේ මා හෙලා..
ඔබ යන්නේ ඇයි ආදරී ..

ඔබ යන්නේ ඇයි ආදරී ..

හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත්‌ එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා..

කිරි කෝඩු මැදියම්‌ රෑ
දුන්‌ හීන එළිවෙන්‌ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා..
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා..
මම තාම දන්නේ මා ඔබේ කියා...

Video thumbnail