හිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගෙමයි
මිනිස්කම් බැම්මෙන් යාවී
එදත් උන්නා සත්තයි
හිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගෙමයි
මෙතෙක් කල් උන්නත් රෑනේ
මිටක් බැන්දා වාගෙයි
හිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගෙමයි
මිනිස්කම් බැම්මෙන් යාවී
එදත් උන්නා සත්තයි
හිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගෙමයි
මෙතෙක් කල් උන්නත් රෑනේ
මිටක් බැන්දා වාගෙයි
හිනාවෙන් ගෙවුනා කාලේ නෑ දුකක් කිසිදා..
ටිකක් වත් හිත් රිදුනා නම් ඒ දුකත් බෙදුනා..
එකෙක් වත් හැලුනේ නෑනේ එක් උනොත් එහෙමයි..
ඉතින් මේ රජකම් ලැබුනේ සමගියෙන් සත්තයි..
ජීවේ .. ඔබෙන්මයි උපන්නේ
ඔබයි ජය ලබන්නේ
හෙටක් වී නැගෙන්නේ
රෑනේ.. එකා මෙන්ම ඈඳි
එකාවන්ම පෙවී
දිනා ගන්න ලෝකේ
හිතක් නම් සිත්තම් රෑනයි
ඔබත් මං වාගෙමයි
ලොවක් නම් විස්කම් බෝමයි
අපිත් උන්නේ එතනයි
හිතක් නම් ගෙත්තම් වාගෙයි
එහෙත් ඉන්නේ ඒ හිතමයි
මිනිස්කම් ඉස්මත්තේ නම්
ලොවෙත් පුංචි වාගෙයි
වැට්ටුවත් නැගිටින්න ආයේ ශක්තියක් ලැබුනේ..
හිතේ හයියයි සමගියයි ජයටැඹයි එදිනේ..
අදත් එහෙමයි හෙටත් එහෙමයි සබඳකම් පෑවේ ..
ඉතින් දැන් ජය දද නැගුනේ සමගියෙන් දසතේ ..
ජීවේ .. ඔබෙන්මයි උපන්නේ
ඔබයි ජය ලබන්නේ
හෙටක් වී නැගෙන්නේ
රෑනේ.. එකා මෙන්ම ඈඳි
එකාවන්ම පෙවී
දිනා ගන්න ලෝකේ
ජීවේ .. ඔබෙන්මයි උපන්නේ
ඔබයි ජය ලබන්නේ
හෙටක් වී නැගෙන්නේ
රෑනේ.. එකා මෙන්ම ඈඳි
එකාවන්ම පෙවී
දිනා ගන්න ලෝකේ
හිතක් නම් සිත්තම් රෑනයි