නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
නුඹේ ළමැද රාවේ තාම රැව්දේ සවනතේ...
වැරදුනාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ..
මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ..
යලි එන්න යැයි කියා - නොකරමි ආයාචනා...
සැනසීම සොයපු තැනක ලැබුණි නම්.....
අතකින් අත ගිලිහෙන්න..
ඇති මුත් එක නිමේෂයක්..
හිතකින් අතහැරලන්න..
මදිවෙයි මුළු ජීවිතයත්..
අතකින් අත ගිලිහෙන්න..
ඇති මුත් එක නිමේෂයක්..
හිතකින් අතහැරලන්න..
මදිවෙයි මුළු ජීවිතයත්..
නුඹව හඳුනන්න - මෙමට බැරි වෙන්න..
ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න..
දිනෙක රැවටෙන්න - වන බවක් නොදැන..
ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න..
අතකින් අත ගිලිහෙන්න..
ඇති මුත් එක නිමේෂයක්..
හිතකින් අතහැරලන්න..
මදිවෙයි මුළු ජීවිතයත්..
අතකින් අත ගිලිහෙන්න..
ඇති මුත් එක නිමේෂයක්..
හිතකින් අතහැරලන්න..
මදිවෙයි මුළු ජීවිතයත්....
වැරදි නැහැ දන්න-මගෙන් දුර යන්න...
පණ වගේ උන්නා-නුඹ එක්ක සසරෙ එන්න....
කල්පයක් පමණ-දවස දිගු වෙන්න....
මතකයේ ඉන්නා-හැටි මෙහෙම කඳුළු දෙන්න...
අතකින් අත ගිලිහෙන්න..
ඇති මුත් එක නිමේෂයක්..
හිතකින් අතහැරලන්න..
මදිවෙයි මුළු ජීවිතයත්..
අතකින් අත ගිලිහෙන්න..
ඇති මුත් එක නිමේෂයක්..
හිතකින් අතහැරලන්න..
මදිවෙයි මුළු ජීවිතයත්....