හිතවත් වෙලා සංසාරේ පුරා Lyrics
හිතවත් වෙලා සංසාරේ පුරා
සුවපත් කලා හිත මාගේ ඔයා
පැතුමන් පුරා මා ගාවින් තියා
පියමන් කලා හෙවනැල්ලක් වෙලා
දිවුරා කියන්නම් ජීවිතේ
ඔබටයි සදාකල් ආදරේ
දුටුදා නෙලුමක් අතරැඳි ලඳුනේ
සිතුනා කරගන්නට පෙම් සිහිනේ
දැනෙනා දුරකට මේ දිවි ගමනේ
සෙනෙහේ නුඹමයි මා ලඟ රැඳුනේ
දිවුරා කියන්නම් ජීවිතේ
ඔබටයි සදාකල් ආදරේ