හොඳම දේ තියෙන්නේ සැඟවිලා
වලාකුළෙන් එහා ඉමේ
පුංචි කාලෙ එහෙම ඇහිලා හීන මවලා මවලා
තවම යන්නේ පුරුද්දට වගේ..
පීවිතේ.. ගලා.. බසී
මොනවා වෙයිද දන්නේ නෑ
එහෙම දැනිල සතුටු වෙන්න වැඩක් කරනවා නම්
ඊට වැඩිය දෙයක් නෑ...
ඕ.....
අපි විසින්.. ම අපි විනාස වී යන්න
බලන බලන පැත්ත එක වගේ..
එහෙම හිතිල ඒක දිහා හොඳින් බලන්න වෙයි
හොයන්න හරිම උත්තරේ..
කාලයේ පැටලිලා.. ගිය දේවල්
අගක් මුලක් නැහැ වගේ..
නිදහසේ හැදෙන්න දෙන්න ඕන මිනිස්සුන්ට
ආකහේ තරු වගේ..
මුළා වෙන්න ඕන තරම් දේවල් තිබුණත් වට කරගෙන...
ඒවා නිකං ඡායාවල් මායාවේ නලියන
ගලා යන්න දෙමු හැමටම.. ඇයි සෙනෙහස කොටු කරගෙන
මුළා වෙන්නේ නැති එකම හොඳයි වඩා හැම දේකම
කාලා බීලා ඇඳලා පැළඳ නටලා නටලා නටලා
බලෙන් වගේ විඳපු දේ
කාලයේ ඇතුලේ කැරකි කැරකි මැකිලා යන්නේ
හරියට ජීවිතේ වගේ..
හුස්ම ගන්නවා හුස්ම හෙළනවා
එදා ඉඳන් අද වෙනතුරු එක කෙරෙනවා
එළියෙ නටනවා කා බී අඳුරේ නට නටා
හඳ අරගෙන ඉර වටේට සවාරි යනවා
හොඳම දේ තියෙන්නේ සැඟවිලා
වලාකුළෙන් එහා ඉමේ
පුංචි කාලෙ එහෙම ඇහිලා හීන මවලා මවලා
තවම යන්නේ පුරුද්දට වගේ..
පීවිතේ.. ගලා.. බසී
මොනවා වෙයිද දන්නේ නෑ
එහෙම දැනිල සතුටු වෙන්න වැඩක් කරනවා නම්
ඊට වැඩිය දෙයක් නෑ...
ඕ.....