දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් Lyrics
දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ.. ඔබෙන්
හුස්මක් දුරින් ඉන්න මට බෑ.. ඔබෙන්
අවුතැන් වෙලා.. ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ.. තවෙකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්
අපි දෙන්නා එක තැනම මිය යමු.... ඉතින්
දහසක් නුවන්.. මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා.. හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්
අපි දෙන්නා එක තැනම මිය යමු... ඉතින්
දුර යන්න සිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ.. ඔබෙන්
හුස්මක් දුරින් ඉන්න මට බෑ.. ඔබෙන්