ඉබේ (ගසක් හැපී පවන් රොදේ) Lyrics
ගසක් හැපී පවන් රොදේ..
පතක් සලයි ඉබේ
මලක් ඔහේ පියන් හරී
වැදී බිඟුන් තුඩේ...
Pre Chorus:
මිලාන වූ කුසුම් තුරේ
රොනින් පොළෝ නිවේ...
හදේ අගුල් සෙමෙන් ඇරේ
නිවා ගිමන් ළයේ...
1st Verse:
කොනක් ඉමක් සොයා නොයා..
ලවන් නුවන් බැඳේ
තතක් විතක් අමා සුවක්
කෙමෙන් සෙමෙන් වැයේ...
2nd Verse:
සරත් රැයේ නුරා සුසුම්..
මැදින් සඳක් පිපේ
ගුවන් ගැබේ හි දැල්වෙනා
තරුත් ඇසේ මැවේ
තරුත් ඇසේ මැවේ......