ඉගි රටා මවා

 Igi Rataa Mawa


ඉගි රටා මවා Lyrics

ඉඟි රටා මවා නුඹ කතා කරා
හිමින් සැරේ හොරෙන් බලා මුලා කලා
ඇයි හැංඟි හොරා අවුලන්නෙ නුරා
ඔය දෑස් වලින් බලද්දි මා වෙයිද මුලා

හැඩ දාලා මා යද්දී පා තබා
ඉඟි පානා ඔබ කව්ද මල්සරා
සඟවාලා දෙනෙතේ නුරා වසා
පිටුපාලා යනු බෑ අහක් වෙලා

කාන්දමක් වගේ යාන්තමින් ඇඟේ
ගෑවෙන්න නෑවෙන්න ආදරෙන් මගේ
කෝලමක් අනේ ආලකම් හදේ
වාවන්න යාව්වෙන්න හීනයක් වගේ
මා ප්‍රේමේ පටලා කරකාරේ බැඳලා
ගෙනියන්න හනික මාගේ සුදා

හැඩ දාලා මා යද්දී පා තබා
ඉඟි පානා ඔබ කව්ද මල්සරා
සඟවාලා දෙනෙතේ නුරා වසා
පිටුපාලා යනු බෑ අහක් වෙලා

හීන් සැරේ නුඹේ රෝස තොල් අගේ
පාවෙන්න ආ මෙන්න හාදුවක් සඳේ
යාලු කම් හදේ නෑ තවත් මගේ
ආලෙන්ම මාගෙම වෙන්නකෝ ලඳේ
මා ප්‍රේමේ පටලා කරකාරේ බැඳලා
ගෙනියන්න හනික මාගේ සුදා

ඉඟි රටා මවා නුඹ කතා කරා
හිමින් සැරේ හොරෙන් බලා මුලා කලා
ඇයි හැංඟි හොරා අවුලන්නෙ නුරා
ඔය දෑස් වලින් බලද්දි මා වෙයිද මුලා

හැඩ දාලා මා යද්දී පා තබා
ඉඟි පානා ඔබ කව්ද මල්සරා
සඟවාලා දෙනෙතේ නුරා වසා
පිටුපාලා යනු බෑ අහක් වෙලා

 

Video thumbnail