මායම් වූ දෑසේ (ඉන්නම්ද තුරුලේ)

 Innamda Thurule (Mayam Wu Dase)


මායම් වූ දෑසේ (ඉන්නම්ද තුරුලේ) Lyrics

මායම් වූ දෑසේ ආයේ මා - විහිදාවී හී සර විසිරී ආ
රහසේ ඉගි පාවී ආයේ මා - පේවී ආලේ ආයේ ඔබ හා

පෑහීලා ආ මා ආදරේ
ඔබමයි සඳේ රැඳුනේ මගේ සිතේ.
සිහිවේ පෑ ඔය මුවේ දකිමි සුහදේ මගේ ආදරේ…

පායාවි සඳ අහසේ මේ රැයේ
නෑ වාගේ තරු පායා එක වාගේ
පේ වේවි මාගේ දෑසේ රහසේ යාමේ
ඉන්නම්ද තුරුලේ ඔබේ පෙරදා වගේ

මානේ මගේ ආයේ නුඹ හා
පාවේවී හැඟුමන් රහසේ පා
දැනේවී නොදැනී යාවී ආ
වෙලී බෑඳී ඔය දෑතේ මා

පාවී ඈ දේවි හිත මාගේම සසරේ
බැඳි එ හිත මා නුඹේ
නෑවේවි සංසාර ස්නේහේ සනසා මා ළයේ
හැඟුමන් මගේ විඳේ

පායාවි සඳ අහසේ මේ රැයේ
නෑ වාගේ තරු පායා එක වාගේ
පේ වේවි මාගේ දෑසේ රහසේ යාමේ
ඉන්නම්ද තුරුලේ ඔබේ පෙරදා වගේ

Video thumbnail